ජෝනීව අත්අඩංගුවට ගන්නැයි CID අසල විරෝධතාවයක්

ජෝනීව අත්අඩංගුවට ගන්නැයි CID අසල විරෝධතාවයක්

ගාල්මුවදොර අරගල භූමියට පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) අද (24) පෙරවරු 10ට පමණ පැමිණ තිබේ.

මේ අතර ඔහුව අත්අඩංගුවට ගන්නැයි බල කරමින් විරෝධතා කරුවන් පිරිසක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසල විරෝධත්වයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අවට දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබේ.