බැංකු හරහා ඩොලර් එවන ලාංකිකයන්ට වරප්‍රසාද

බැංකු හරහා ඩොලර් එවන ලාංකිකයන්ට වරප්‍රසාද

විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් මෙරට එවනු ලබන මාසික ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 250ක් දක්වා අඩු වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එහි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරි මංගල රන්දෙනිය මහතා සඳහන් කළේ, මෙරටට එවනු ලබන ඩොලර් ප්‍රමාණය කඩිනමින් වැඩිකර ගත යුතු බවය.

ඒ සඳහා, ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දැඩි වගකීමක් පැව‍රෙන බව ද ඔහු කියා සිටියේ ය.

බැංකු හරහා ඩොලර් මෙරටට එවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වරප්‍රසාද රැසක් හිමිවන බව ද ඔහු පැවසුවේ ය.