ලාෆ් ගෑස් ඉදිරි දින හය ඇතුලත වෙළදපොලට

ලාෆ් ගෑස් ඉදිරි දින හය ඇතුලත වෙළදපොලට

ඉදිරි දින හය ඇතුලත ගෑස් වෙළදපොලට නිකුත් කරන බව ලාෆ් සමාගම පවසනවා.

ණය වර ලිපි විවෘත කිරීම හැකි වීම මත ගෑස් වෙළදපොලට නිකුත් කිරීමට හැකිවන බවයි එම සමාගම පෙන්වා දෙන්නේ.

ඒ අනුව සිය පාරිභෝගිකයින් සදහා අවශ්‍ය ගෑස් විධිමත් ලෙස වෙළද පොලට නිකුත් කිරිමට කටයුතු කරන බව ලාෆ් සමාගම ප්‍රකාශ කළා.

මේ අතර, අද මෙරටට ළඟාවීමට නියමිතව තිබූ ගෑස් මෙටි්‍රක් ටොන් 3,500ක් රැගත් නෞකාවේ පැමිණීම ප්‍රමාද වන බව ලිට්රෝ සමාගම පවසනවා.

එම සමාගම සදහන් කළේ අදාළ නෞකාවට ශ්‍රී ලංකාවෙන් ඉන්ධන ලබාදීමට නොහැකි වීම හේතුවෙන් එය ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්දියාවට ගොස් ඇති බවයි.

එම නෞකාව මෙරටට ළඟාවීම තවත් දින දෙකක් ගත වන බැවින් පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.