සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ආයතන දැඩි අර්බුදයක

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ආයතන (SME) 4,500කට අයත් මිලියන 4.5කට ආසන්න තම සේවකයන්ගේ වැටුප් ගෙවීමට නොහැකි වී ඇති බව ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරික සංසදය පවසනවා.
ඒ හේතුවෙන් ආයතන වසා දැමීමට හා මිලියන 4.5ක පිරිසකට රැකියා අහිමි වීමේ අවදානමක් ඇති වනු ඇති.
ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයින්ගේ සංසදයේ සභාපති ටානියා අබේසුන්දර ඊයේ (25) පැවති මාධ්‍ය හමුවක දී ඒ බව සඳහන් කළා.
රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා රුපියල් ට්‍රිලියනයක් මුද්‍රණය කිරීමට සූදානම් වී සිටිය ද රටේ කශේරුකාව බඳු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ වැටුප් ගෙවීම පිළිබඳ නො සළකා තිබීම ඉතා කනගාටුදායක බව යි ටානියා අබේසුන්දර පවසන්නේ.
මේ අතර, ඉදිරි මාස දෙක තුන ඇතුළත රජය මේ පිළිබඳ යම් විසඳුමක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වුව හොත් සියලු ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට බැංකු ණය වාරික ගෙවීමෙන් වැළකී සිටීමට සිදු වන බව යි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ (VIASL) සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ ප්‍රකාශ කළේ.
මෙසේ ණය ගෙවීමට නොහැකි වීම හේතුවෙන් බැංකු පද්ධතිය කඩාවැටීමේ බරපතළ අවධානමක් ඇති බවත් එම සංසදය වැඩි දුරටත් පවසනවා.





