පෙට්‍රල් බවුසරයක් අනතුරකට ලක්වෙයි

පෙට්‍රල් බවුසරයක් අනතුරකට ලක්වෙයි

කරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ කුරුණෑගල නගරයට ආසන්නයේදී පෙට්‍රල් ලීටර් 13,200 ක් රැගත් බවුසරයක් අද අලුයම 3ට පමණ අනතුරට ලක්ව තිබේ.

කොළඹ සිට කින්නියා දක්වා පෙට්‍රල් රැගෙන යමින් තිබූ මෙම බවුසරය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබූ බවයි වාර්තා වෙන්නේ.

බවුසරය පෙරළුණු අවස්ථාවේ එහි තිබූ පෙට්‍රල් ද කාන්දු වී ඇති අතර පසුව දොඹකරයක් සහ ආපදා රථයක් යොදා ගනිමින් පෙට්‍රල් බවුසරය මාර්ගයට ගැනීමට කටයුතු කළ බවයි වැඩි දුරටත් වාර්තා වෙනවා.