සුප්‍රකට ලිනියන් පදක්කම ශ්‍රී ලාංකිකයෙකුට

ලන්ඩනයේ ලිනියන් සමාජය විසින් ශාඛ හෝ සත්ත්ව විද්‍යඥයෙකුට වාර්ෂිකව පිරිනමන සුප්‍රකට ලිනියන් පදක්කම මෙවර ශ්‍රී ලාංකිකයෙකුට පිරිනමා තිබෙනවා.
ඒ, මෙරට සුප්‍රකට ස්වභාව විද්‍යාඥයෙකු වන රොහාන් පෙතියාගොඩටයි.
මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉන්ජිනේරු අංශයේ මෙන්ම ජලසම්පත් මණ්ඩලයේ සේවය කළ රොහාන් පෙතියාගොඩ ජාත්‍යන්තර රතු දත්ත කමිටුවේ නියෝජ්‍ය සභාපති ධූරයද හොබවා තිබෙනවා.
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළ ඔහු ඕස්ට්‍රේලියානු සිඩ්නි කෞතුකාගාරයේද පර්යේෂකයෙක්. මෙරට මිරිදිය මත්ස්‍ය සම්පත පිළිබඳ විශේෂ අධ්‍යයනයන් සිදු කර ඇති ඔහු ලෝක බැංකුව ඇතුලු ආයතන රැසක් වෙනුවෙන් ජෛව විවිධත්වය පිළිබඳ පර්යේෂණාත්මක ලේඛන රැසක් ඉදිරිපත් කරනු ලැබුවා.
1888 වසරේ ලිනියන් පදක්කම හඳුන්වාදීමෙන් පසු එය හිමිකරගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන්නේ රොහාන් පෙතියාගොඩයි. ලිනියන් පදක්කම හැඳින්වෙන්නේ ස්වභාව විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ලෙසයි.

