දැනට තෙල් තියෙන්නේ මෙච්චරයි – ඇමති

අද (28දා) උදෑසන වන විට සපුගස්කන්ද හා මුතුරාජවෙල ඛනිජ තෙල් පර්යන්තයෙන් පවතින ඉන්ධන සංචිත පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජෙසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් පැහැදිලි කිරීමක් කර තිබේ.
ඒ අනුව එම සංචිතය පහත පරිදිවෙයි (මෙට්‍රික් ටොන්)
ඩීසල් – 17,077
සුපර් ඩීසල් – 1,072
පෙට්‍රල් 92 – 37,391
පෙට්‍රල් 95 – 6,142
ජෙට් ඒ 01 – 2,437


