පොලිස් කොස්තාපල්ගේ අලුත් වැඩෙන්, ඉන්ධන වැඩි පුර ගන්නත් බෑ – ගත්ත අයත් මාට්ටු

පොලිස් කොස්තාපල්ගේ අලුත් වැඩෙන්, ඉන්ධන වැඩි පුර ගන්නත්  බෑ – ගත්ත අයත් මාට්ටු

වැඩි වාර ගණනක් පිරවුම්හල් මගින් ඉන්ධන ලබාගෙන තොග රැස් කරන්නන් 2300 කට වැඩි පිරිසක් මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

ඒ එකම දිනකදී වැඩි වාර ගණනක් පිරවුම්හල් මගින් ඉන්ධන ලබාගන්නා පුද්ගලයින් සෙවීම සඳහා හඳුන්වාදුන් නව යෙදවුම භාවිතයට ගනිමින්.

වැඩි වාර ගණනක් එකම වාහනය මගින් ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගනිමින් එක්රැස් කර ගැනීම සම්බන්ධයෙන් පොලීසියට ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම නව යෙදවුම නිර්මාණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොලීසියේ පරිගණක අංශයේ මෘදුකාංග සංවර්ධන නිලධාරියෙකු ලෙස කටයුතු කරන පොලිස් කොස්තාපල් මහේෂ් රණතුංග විසිනුයි මෙම නව යෙදවුම නිර්මාණය කර ඇත්තේ.

ශ්‍රී ලංකා පොලීසියේ පරිගණක අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ධර්මසේන කියා සිටියේ පොලිස් කොට්ඨාශ 48 ක් ආවරණය වන පරිදි ඉන්ධන පිරවුම්හල් 1350 කට මෙම නව යෙදවුම ලබාදී ඇති බවයි.