ICC ටෙස්ට් ශූරතාවලියේ ලංකාව 4 වෙනි තැනට

බංග්ලාදේශය පරදවා ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කළ ශ්රී ලංකාව අයි.සී.සී. ටෙස්ට් ශූරතාවලියේ ප්රසාද ලකුණු සටහනේ 4 වන ස්ථානයට පැමිණ තිබෙනවා.
ඒ, පාකිස්ථාන කණ්ඩායම අභිබවා යමින්.
එමෙන්ම මෙම පරාජයත් සමඟ බංග්ලාදේශ කණ්ඩායම ටෙස්ට් ශූරතාවලි ප්රසාද ලකුණු සටහනේ අටවන ස්ථානය දක්වා පහත වැටෙනවා.
මේ අතර බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ වීරයා බවට පත්වූ ඇන්ජලෝ මැතිව්ස් අයි.සී.සී. ටෙස්ට් පිතිකරු දර්ශකයේ විසි එක්වන ස්ථානය දක්වා ස්ථාන පහකින් ඉදිරියට පැමිණ තිබෙනවා.
එමෙන්ම කුසල් මෙන්ඩිස් පිතිකරු දර්ශකයේ 49 වන ස්ථානය දක්වා ස්ථාන හතරකින් ඉදිරියට පැමිණ ඇති අතර, දිනේෂ් චන්දිමාල් ස්ථාන හයකින් ඉදිරියට පැමිණ ඇත්තේ 53 වන ස්ථානයයි.
මීට අමතරව ශ්රී ලංකා පිලේ වේග පන්දු යවන ක්රීඩක කසුන් රාජිත ටෙස්ට් පන්දු යවන්නනගේ දර්ශකයේ 75 වන ස්ථානයේ සිට 61 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා.
එමෙන්ම දෙවන ටෙස්ට් තරගයේ කඩුලු 10 ක් ලබාගත් අසිත ප්රනාන්දු ටෙස්ට් පන්දු යවන්නන් සියයේ දර්ශකයට ඇතුලු වී ඇත්තේ එහි 96 වන ස්ථානය හිමිකරගනිමින්.

