සතොසට නව ඉන්ධන පිරවුම්හලක්

පවතින අර්බුදය හමුවේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නව ඉන්ධන පිරවුම්හලක් ලබාදීම අද සිදුකෙරුණා.
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි සතොස ප්‍රවාහන අංශ පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති මෙම පිරවුම්හල විවෘත කළ බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.
පසුගිය මාස කිහිපය තුළ ලංකා සතොස ආයතනවලට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයීමේදී ඉන්ධන ගැටළු හේතුවෙන් සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමේ දුෂ්කරතා මතු වී තිබුණා.

