ජම්බෝ පීනට්ස් හදන්න රටකජු ගෙන්වීම නවතයි

ජම්බෝ පීනට්ස් හදන්න රටකජු ගෙන්වීම නවතයි

රටකජු ජාතික අවශ්‍යතා මට්ටම ඉක්මවා දෙගුණයක අස්වැන්නක් වාර්තා කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

ලංකාවෙි වාර්ෂික රටකජු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 30,000කි.

2021 අවසන් වනවිට රටකජු වගාවෙන් ලද අස්වැන්න මෙට්‍රික් ටොන් 64,000ක් ඉක්මවා ඇතැයි රටකජු වගාව පිළිබඳව බෝග නායක එස්.එන්.පී. වීරකෝන් ප්‍රකාශ කරයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති නව රටකජු ප්‍රභේදයක් වන ලංකා ජම්බෝ නැමැති රට කජු ප්‍රභේදය නිසා ජම්බෝ පීනට්ස් නිෂ්පාදනයට පිටරටින් ආනයනය කරනු ලබන තොග අත්හිටුවීමට මේ නිසා හැකි වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.