හිතා ගන්න බැරි විදිහට දුප්පතුන්ගේ වාහනෙත් මිල ඉහළට

හිතා ගන්න බැරි විදිහට දුප්පතුන්ගේ වාහනෙත් මිල ඉහළට

මෙරට තුළ මේ වන විට පවතින ඩොලර් ගැටළුව හේතුවෙන් පාපැදි මිල සියයට සියයකින් ඉහළ ගොස් ඇති බව පාපැදි නිපදවන්නන්ගේ සහ එකලස් කරන්නන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් රිස්නි ඉස්මත් පැවසුවේ රුපියල් 18,000ක් පැවැති මවුන්ටර් වගේ පාපැදියක් මේ වන විට රුපියල් 35,000 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම කාන්තාවන් භාවිතා කරන පාපැදියක මිලද ඉහළ ගොස් ඇති බව ඔහු සදහන් කරයි.

පාපැදි අමතර කොටස් සුඛෝපභෝගී භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කර ඉන් 55%ක පමණ බද්දක් අය කිරීම පාපැදි මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතුවෙක් බවයි එම සංගමය සඳහන් කරන්නේ.

පාපැදිවල මිල ගණන් පැවැති මිලට ගැනීමට නම් අමතර කොටස් සුඛෝපභෝගී භාණ්ඩ ලැයිස්තුවෙන් ඉවත් කර බද්ද සියයට බින්දුව දක්වා අඩු කර ගන්නේ නම් පාපැදියක් රුපියල් 19,000කට පමණ පාරිභෝගික ජනතාවට ලබාදීමට අවස්ථාව හිමිවන බව පාපැදි නිපදවන්නන්ගේ සහ එකලස් කරන්නන්ගේ සංගමය වැඩිදුරටත් සදහන් කරයි.