IPL කිරුළ ගුජරාට් ටයිටන්ස්ට

IPL කිරුළ ගුජරාට් ටයිටන්ස්ට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ජය ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 130 ක් ලබාගත් අතර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවක් අවසානයේ ජයග්‍රහණය ලබා ගත්තා.

ජොස් බට්ලර් ලකුණු 39ක් ලබාගත්තා.

පන්දු යැවී්මේදී හර්දික් පාන්ඩ්යා ලකුණු 17කට කඩුලු 3ක් බිඳහෙළුවා.

ඒ අනුව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට හිමි වු ඉලක්කය ලකුණු 131ක්.

ඔවුන් පන්දුවාර 18යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මෙම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා, වැඩිම වටිනාකමක් සහිත ක්‍රීඩකයා, වැඩිම හයේ හා හතරේ පහරවල් එල්ල කළ ක්‍රීඩකයා සහ තරගය වෙනස් කරන ක්‍රීඩකයා යන සම්මාන සියල්ල හිමිවූයේ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ක්‍රීඩා විලාසයක් පෙන්වූ ජෝස් බට්ලර් වෙතයි.

මෙවර තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ලෙසින් ඔරෙන්ජ් කැප් දිනාගත්තේ රාජස්ථාන් රෝයල්ස් හි යුස්වේන්ද්‍ර චහල් ය