මිලයන 43ක රත්තරන් රාජ සන්තකයි

මිලයන 43ක රත්තරන් රාජ සන්තකයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තලෙයිමන්නාරම තම්මැන්නා කඳවුරට අනුයුක්ත නාවික හමුදාව විසින් රත්රන් තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, උතුරු මැද නාවික මූලස්ථානයට ලැබුනු තොරතුරක් මත තලෙයිමන්නාරම දෙවන වැලි පරයට නාවික සැතපුම් 1.2ක් දුරකදීය.

රුපියල් මිලයන 43කට අධික වටිනාකමින් යුත් මෙම රත්තරන් තොගය ශ්‍රී ලංකා රේගුවේ කන්කසන්තුරය උප නිවාරණ කාර්යාලය මගින් රාජසන්තක කර තිබේ.

කිලෝග්‍රෑම් 1.912ක බරකින් යුතු මෙම රත්රන් තොගයේ තක්සේරු වටිනාකම රු. 43,208,000ක් බව වාර්තා වී ඇත.

ශ්‍රි ලංකා රේගුව විසින් සිදුකරන ලද වැඩිදුර විමර්ශන වලදී මෙම රත්රන් තොගය හොර රහසේ ඉන්දියාවට ගෙනයාමට සැලසුම් කර තිබූ බවට අනාවරණය වී ඇත.