ශෂී වීරවංශට ඇප ලැබෙයි

ශෂී වීරවංශට ඇප ලැබෙයි

බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිද වන ශෂී වීරවංශ ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කර තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කරන ලදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරා තිබූ නඩුවට වරදකරු වූ ශෂී වීරවංශට බරපතළ වැඩසහිත වසර 2ක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩ මුදලක් කොළඹ (පූර්වගාමී) ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී.රාගල ඉකුත් 27 වැනිදා නියම කළේය.

එම සිරදඬුවමට එරෙහිව ශෂී වීරවංශගේ නීතිඥවරුන් ඇප ඉල්ලීමක් කර තිබූ අතර එම ඇප ඉල්ලීම අද (31) සලකා බැලුණි.