9 වැනිදා සිද්ධියට, වසන්තා හඳපාන්ගොඩ ඇතුළු 6ක් අත්අඩංගුවට

අරලියගහ මන්දිරය අසළ සහ ගාලු මුවදොර මැයි 9 වනදා සිද්ධියට අදාළව තවත් හයදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. අත්අඩංගුවට ගත් පිරිස අතර කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දුගේ පුත්‍රයා සහ ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ ද සිටින බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිළි කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 19 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

