මහින්ද කහඳගමගේ අත්අඩංගුවට

මහින්ද කහඳගමගේ අත්අඩංගුවට

මහින්ද කහඳගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මැයි මස 9 වනදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීමට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙසට නම් කර සිටි කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබුණා.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ද මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන ඊයේ (01) අධිකරණයට දන්වා සිටියා