සරසවි පා ගමන නවත්වන්න පොලීසිය කරපු ඉල්ලීමට උසාවිය අදත් බෑ කියයි

විශ්වවිද්‍යාල සිසුන් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසල සිට වෝඩ් පෙදෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව දක්වා ගමන් කිරීමට නියමිත පාගමන හේතුවෙන් මාර්ග කිහිපයකට ඇතුළු වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලීසිය කරන ලද ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අදාළ පාගමනේ නිරත වන්නන් නීතිය හෝ සාමය කඩවන ආකාරයෙන් කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 95 වන වගන්තිය යටතේ කටයුතු කිරීමට කුරුඳුවත්ත පොලීසියට බලය ඇති බවයි මහේස්ත්‍රාත්වරයා එහිදී පෙන්වා දී ඇත්තේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් අද පැවැත්වීමට නියමිත පාගමන සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය සිදුකළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කර ඇත්තේ

