බෑග් මිලත් ඉහළට

පාසල් බෑග්, කාන්තා අත් බෑග් සහ සංචාරක ගමන් මලු ඇතුළු සියලු ගමන් මලු මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. ඒ, දේශීය නිෂ්පාදන හිඟ වීම සහ පසුගිය මාස කිහිපය තුල පැවති ආනයන සීමා හේතුවෙන්.
දේශීය ගමන් මලු නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය හිඟ වීම හා එම මිල ගණන් ඉහළ යාම මෙලෙස බෑග් මිල ඉහළ යාමට හේතු වී ඇති බවයි නිෂ්පාදකයන් පවසන්නේ.
එමෙන්ම ආනයනික අමුද්‍රව්‍ය සඳහා බදු ඉහළ නැංවීමට රජය ගෙන ඇති තීරණය සමඟ මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇති බවයි වෙළඳුන් පෙන්වා දෙන්නේ.

