මාලී වැඩ පටන්ගනී

මාලී වැඩ පටන්ගනී

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු තරඟය ආරම්භ වෙන්නේ විස්සයි විස්ස තරඟයක් ලෙසින්, ඒ අනුව ලබන 7 වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී එම තරඟය පැවැත් වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර විස්සයි 20 තරඟ 3ක්, එක්දින තරඟ 5ක් සහ ටෙස්ට් තරඟ 2ක් පැවැත්වීමට නියමිතය.

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි එක්දින සහ 20 යි 20 තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණු උපදේශක ලෙසට ලසිත් මාලිංග පත්කරණු ලැබුවා.

අද ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් සමඟ සිය රාජකාරි කටයුතු ආරම්භ කරන අයුරු අපට දැකගන්නට ලැබුණා.

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගාවලිය පැවැත් වෙන්නේ ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අරබුදයකට මුහුණ පා සිටින මොහොතක වීම විශේෂත්වයක්. මෙය බොහෝ දෙනෙක්ගේ අවදානයට යොමු වූ තරගාවලියක් වෙනවා නොඅනුමානයි.