ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා මැච් එක බලන්න ටිකට් ගන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා විස්සයි 20 සහ එක්දින තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවිය අද (04) සිට ආරම්භ කෙරුණි.
තරග පැවැත්වෙන දිනවල අදාළ ක්‍රීඩාංගණවලදී ප්‍රවේශපත්‍ර අලෙවි නොකෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
විස්සයි 20 සහ එක්දින තරගාවලියට අදාළ ප්‍රවේශපත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථාපිත කර ඇති ප්‍රවේශපත්‍ර කවුන්ටරයෙන් අද සිට මිලදී ගත හැකිය.
මෙහිදී එක් අයෙකුට එක් තරගයක් සඳහා ප්‍රවේශපත්‍ර 4ක් පමණක් නිකුත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
එමෙන්ම ජුනි මස 8 වනදා සිට පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ ස්ථාපිත කවුන්ටරයෙන් එහි පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකිය.
අන්තර්ජාලය හරහා www.srilankacricket.lk වෙබ් අඩවියෙන්ද ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකිය.
ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර විස්සයි 20 තරග 3ක්, එක්දින තරග 5ක් සහ ටෙස්ට් තරග 2ක් පැවැත්වීමට නියමිතය.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග සඳහා රුපියල් 300, 1500, 2500, 4000 සහ 5000 යන මිල ගණන්වලටද පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර රුපියල් 300, 2000, 4000, 5000 සහ 6000 යන මිල ගණන් වලටද අලෙවි වේ.
ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරග සඳහා රුපියල් 300, 500, 1000, 5000 සහ 7500 යන මිල ගණන්වලට ප්‍රවේශ පත්‍ර අලෙවි වනු ඇත.


