රුසියානු ගුවන්යානය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ප්‍රකාශයක්

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ රඳවා ඇති රුසියානු (SU-289) මගී ගුවන්යානය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා
එහි දැක්වෙන්නේ අදාල නඩුව සම්බන්ධයෙන් මේ වන විට අධිකරණය අවසන් තීරණයකට එළෙඹ නොමැති බැවින් එය
සාමාන්‍ය රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ ද සාකච්ඡාවට ලක් වෙමින් පවතින බවයි.
මෙම නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වය වන්නේ සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩින් ලිමිටඩ් නමැති අයර්ලන්ත
සමාගම,වන අතර පළමු විත්තිකරු වන්නේ “ඒරෝෆ්ලොට් ” මහජන ඒකාබද්ධ කොටස් සමාගම බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
දෙවැනි විත්තිකරු කටුනායක ගුවන් ගුවන්තොටුපල වන අතර එම නඩුව ගුවන් සේවා සමාගමේ (AASL) වැඩ බලන ගුවන් නාවික ප්‍රධානී එන්. සී. අබේවර්ධන මහතාට එදිරිව පවත්නා වාණිජමය ආරවුලක් හා සබැඳි නඩුවක් බව සදහන්.
මෙම ගුවන් යානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන්ගත් වීම වළක්වමින් බස්නාහිර පළාත් වාණිජ මහාධිකරණය විසින් අදාල වාරණ නියෝගයක් ලබා දී තිබුනේ පසුගිය 2 වැනි දිනයි.

