රුසියානු ගුවන් යානය ගැන හෙට අධිකරණයට කරුණු ඉදිරිපත් කරනවා – ගුවන් සේවා ඇමති

රුසියානු ගුවන් යානය ගැන හෙට අධිකරණයට කරුණු ඉදිරිපත් කරනවා – ගුවන් සේවා ඇමති

Aeroflot ගුවන් යානය පිළිබඳව අධිකරණයට නීත්‍යනුකූලව කරුණු ඉදිරිපත් කිරීමට මෙරට රජය තීරණය කර ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, කරුණු ඉදිරිපත් කර මෙය සමතයකට පත් කිරීම සඳහා හෙට (ජූනි 6) දිනයේදී අධිකරණයට යන බව ය.

මෙමගින් අගතියට පත් පාර්ශවයන්ට වහා සහනයක් ලබා දීමට සහ මෙය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග නීතිමය රාමුව තුළ ගත යුතු බව නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩි දුරටත් කියා සිටියා.