අද පෞද්ගලික බස් ධාවනය අඩාල වන ප්‍රදේශ

මන්නාරම, වව්නියාව, ගම්පහ, දකුණු පළාත, කෑගල්ල, මාවනැල්ල, පොලොන්නරුව, බදුල්ල, පුත්තලම යන ප්‍රදේශවල පෞද්ගලික බස් රථ ධාවනය පූර්ණ ලෙස අඩාල වීමේ ලකුණු පහලව ඇතැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
මේ අනුව එකී ප්‍රදේශවල සංඛ්‍යාත්මකව සලකා බැලූ විට බස් රථ ධාවනය වන්නේසියයට 10- 15ත් අතර ප්‍රමාණයක් බවද ඔහු සඳහන් කළේ ඊයේ(05) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමනි.
“මා මේ නම්කළ ප්‍රදේශ ලංගම ඩිෆෝ වලින් ඩීසල් ලබානොදුන් ප්‍රදේශ. මෙහි සම්පූර්ණ වගකීම අදාළ බලධාරීන්, විදුලිබල අමාත්‍යවරයා වගකීම භාර ගත යුතුයි. අපි දකිනවා අමාත්‍යවරු යම් ආකාරයක නිහඩතාවයකට පත්වෙලා තියෙනවා” යනුවෙන් පැවසීය.

