ජනතාවගේ ප්‍රශ්නවලට අලුත් ආණ්ඩුවෙනුත් විසඳුම් නැති පාටයි

ජනතාවගේ ප්‍රශ්නවලට අලුත් ආණ්ඩුවෙනුත් විසඳුම් නැති පාටයි

ජනතාවගේ ප්‍රශ්නවලට අලුත් ආණ්ඩුවෙනුත් විසඳුම් ලැබෙන පාටක් පෙනෙන්නට නැතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ඊයේ (5) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

අඩු තරමින් මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කරන බවක් හෝ පෙනෙන්නට නැතැයිද ඔහු සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්වූ විට විදේශයන් පෝලිමේ ඇවිත් උදව් කරාවි යැයි බොහෝ දෙනෙකු සිතුවත් අද එය එසේ සිදුවී නැතැයි පැවසූ වීරවංශ මහතා ජනතාව දිනෙන් දිනම විශාල ගැටලු ගොඩක හිර වෙමින් සිටින බවද ප්‍රකාශ කළේය.