ජිනීවාවලත් “ගෝඨාගෝගම” ශාකාවක් (වීඩියෝ)

යුරෝපයේේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ඊයේ(05) ස්විස්ටර්ලන්තයේ ජිනීවා අගනුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක නිරත වුණා.
ඒ කොළඹ ගාලුමුවදොර පැවැත්වෙන ගෝඨාගෝගම ශාඛාවක් ද ජිනීවා එක්සත් ජාතින්ගේ මූලස්ථානය ඉදිරිපිට ස්ථාපිත කරමින්.
මෙම විරෝධතා ව්‍යාපාරය ඊයේ උදෑසන පැවති අතර මේ සඳහා එක්ව සිටි පිරිස පැය ගණනාවක් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට ශ්‍රී ලංකා රජයට සහ ජනාධිපතිවරයාට එරෙහිව සටන් පාඨ පවසමින් විරෝධතා ව්‍යාපාරයේ නිරතවන අයුරු දක්නට ලැබුණා.
අධික ජීවන බරකින් පෙලෙන ජනතාව තවදුරටත් පීඩාවට පත් නොකර ජනාධිපතිවරයා ප්රමුඛ රජය වහාම ඉල්ලා අස්විය යුතු බව ඔවුන් සටන් පාඨ කියමින් පවසා සිටියා.

