පාර්ලිමේන්තු කැන්ටිමේ කෑමත් ගනන් යයි

පාර්ලිමේන්තු භෝජනාගාරයේ ආහාරවල මිල ඉහළ නැංවීමට කටයුතු කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මන්ත්රීවරුන් සඳහා භෝජනාගාරයේ ආහාර සැපයීමට අවම මිලක් දරමින් කෑම පාර්සලයක් ලබා දෙන ලෙස මන්ත්රීවරුන් පනස් දෙනෙක් ඉල්ලීමක් කර තිබුණ බවත් පිළිබඳව ගෘහ කාරක සභාවේ දී තීරණයක් ගැනීමට නියමිත බව කතානායකවරයා සඳහන් කළේය.

