ශ්‍රී ලාංකික ලේඛිකාවකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකික ලේඛිකාවකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකීය ලේඛිකා අමන්දා ජයතිස්ස විසින් රචනා කරන ලද “My Sweet Girl’’ නම් කෘතිය, නිව්යෝක් හි පැවති 2022 ජාත්‍යන්තර ත්‍රාසජනක ග්‍රන්ථ රචකයින්ගේ සම්මාන උළෙලේ දී හොඳම පළමු නවකතාවට හිමි සම්මානය දිනා ගෙන තිබෙනවා.

මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ ජාත්‍යන්තර ත්‍රාසජනක ග්‍රන්ථ රචකයින්ගේ සංගමය (ITW) විසිනි.

“මේ වෙලාවේ මගේ සුන්දර මව්බිම ඉතා අසීරු කාලයක් ගෙවමින් ඉන්නේ, ඔබ එවැනි රටකින් එන කෘතියක් තෝරා ගත්තා කියන එක හරියට මට ලෝකයක් ලැබුණා වගේ,” යැයි සම්මානය දිනාගත් අවස්ථාවේ ඇය ප්‍රකාශ කර සිටියා ය.

“My Sweet Girl’’ අමන්දා ලියූ පළමු ත්‍රාසජනක නවකතාව වන අතර “You’re Invited” නම් ඇයගේ දෙවැනි කෘතිය මෙම වසරේ අගෝස්තු මස දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.