අදත් ගෑස් නෑ

අදත් ගෑස් නෑ

අද (09) දිනයේත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදුනොකරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

කෙසේවෙතත් කඩිනමින් ගෑස් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගම පෙන්වා දෙයි.

ගෑස් මෙට්‍රික්ටොන් 3,900 ක නෞකාවක් ඊයේ (08) දිනයේ දිවයිනට ළඟා වු අතර ඒ සඳහා වන අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ඉතිරි මුදල ගෙවීමෙන් පසු ගෑස් තොගය ගොඩබෑමට කටයුතු කෙරේ.

එම ගෑස් තොගය දින 6කට ප්‍රමාණවත් බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේය.

COMMENTS