ඉන්දියාවෙන් තවත් ණයක් ගන්න ගිවිසුමකට අත්සන් තබයි

ඉන්දියාවෙන් තවත් ණය මුදලක් ලබාගැනීම වෙනුවෙන් ගිවිසුම් අත්සන් කර තිබෙනවා.
මුදල් අමාත්‍යාංශ ලේකම් එම්.සිරිවර්ධන මහතා විසිනුයි අද (10) ඉන්දීය EXIM බැංකුව සමඟ ඩොලර් ණය මාර්ගයක් ලබා ගැනීමේ ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ.
යල කන්නයේ ක්ෂණික යූරියා පොහොර ඉල්ලුම සපුරාලීම සඳහා මෙට්‍රික් ටොන් 65,000ක යූරියා පොහොර ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දීය රජයෙන් ණය පහසුකම් ඉල්ලා තිබෙනවා.
එම ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්, ඉන්දියාවෙන් යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 55ක ඩොලර් ණය මාර්ගයක් පිරිනැමීමට ඉන්දීය රජය එකඟ වී තිබෙනවා.
ගිවිසුම අත්සන් කිරීම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ. ගෝපාල් බග්ලේ මහතා ද සහාභගි වුණා. එමෙන්ම කෳෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඊට එක්ව සිටියා.

