ජනතාවට තවදුරටත් ගෑස් දෙන්න විදිහක් නෑ, මාත් යනවා – විජිත හේරත්

ජනතාවට තවදුරටත් ගෑස් දෙන්න විදිහක් නෑ, මාත් යනවා – විජිත හේරත්

පාරිභෝගික අවශ්‍යතා සපුරාලිය නොහැකි ව තවදුරටත් තනතුරේ රැඳී සිටීමෙන් ඵලක් නැති බව ලිට්රෝ සමාගමේ සභාපති ලෙස කටයුතු කළ විජිත හේරත් එම තනතුරෙන් ඉල්ලා අස්වෙමින් පවසා සිටියා.

එක් මාසයකට අවශ්‍ය කරන ගෑස් ආනයනය සඳහා සිය සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 30 ක ප්‍රමාණයක් අවශ්‍ය බවත් නමුත් මේ වන විට එම මුදල සපයා ගැනීම බරපතල අර්බුදයක් බවට පත් වී ඇති බවත් ඔහු සඳහන් කළා.

මේ වන විට කොළඹ වරායට පැමිණ ඇති ගෑස් නෞකාවට මුදල් ගෙවීම ඉදිරි දින කිහිපයේදී කිරීමට හැකි බවත් ඉන් අනතුරුව ගෑස් ආනයනය කිරීම සඳහා ආයතනයට ශක්තියක් නොමැති බවත් ඔහු කියා සිටියා.

මෙරට දෛනික ගෑස් පරිභෝජනයෙන් 80% ක ප්‍රමාණයක් ආවරණය කරනු ලබන්නේ රජයට කොටස් හිමි ලිට්රෝ සමාගම විසින්.

කෙසේ වෙතත් මේ වන විට දිවයින පුරා ගෑස් ලබා ගැනීමේ අභිප්‍රායෙන් දීර්ඝ ගෑස් පෝලිම් නිර්මාණය වී ඇතත් එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට සමාගමට නොහැකි වී ඇත්තේ ගෑස් ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් සංචිත නොමැතිවීම හේතුවෙන්.