දෙහිවල සත්තු වත්තට ඇපල්

දෙහිවල සත්තු වත්තට ඇපල්

හිමිකරුවන් ඉවත් කර නොගත් කොළඹ වරායේ තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න ඇපල් තොගයක් දෙහිවල සත්වෝද්‍යානයට භාරදීම වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද (10) සිදු කෙරුණා.

පසුගිය පෙබරවාරි මාසයේ චීනයෙන් කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්තයට එවා තිබූ මෙම ඇපල් කන්ටේනරය ආනයනකරුවන් ඉවත් කරගෙන තිබුණේ නැහැ.

ඒ අනුව අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි එහි තිබූ ඇපල් කිලෝ 24,000 ක් එනම්, ඇපල් ගෙඩි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මෙලෙස දෙහිවල සත්වෝද්‍යානයට ලබාදීම සිදු කෙරුණේ.