ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට

ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසම වෙත
භාරදී තිබේ .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා මේ බව තහවුරු කර තිබේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ඉන් පුරප්පාඩු වූ
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ධම්මික පෙරේරා මහතා නම්කර ඇත.

මේ අතර ධම්මික පෙරේරා ඔහුට අයත් සියලු සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වලින් ඉල්ලා අස්වීමට
තීරණය කර තිබේ .