සඳුදා රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක්

සඳුදා රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක්

රජයේ කාර්යාල සඳහා ලබන සඳුදා (13) විශේෂ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පවතින ප්‍රවාහන අපහසුතා සහ විදුලිය නොමැති අවස්ථාවලදී කාර්යාල කටයුතු පවත්වාගෙන යාමේදී මුහුණදෙන ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා නිවේදනය කළේ.

දැනටමත් ලබන අඟහරුවාදා (14) රජයේ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත්කර ඇති අතර ලබන ජුනි මස 13 සඳුදා දිනය ද රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පතකරන බවයි ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.