පොසොන් පොහොය නිමිත්තෙන් සුරාසැල් සහ සමාජ ශාලා වැසේ

පොසොන් පොහොය නිමිත්තෙන් සුරාසැල් සහ සමාජ ශාලා වැසේ

එළඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් සුරාසැල්, රේස්බුකි, මස් පිණිස සතුන් මරණ ස්ථාන සහ මාංශ අලෙවිසැල්, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ජුනි මස 14 වැනි දින පොසොන් පොහොය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ වෙනුවෙන්, දිවයිනේ සියලුම සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළෙඳසැල්වල මත්පැන් අලෙවිය නැවැත්වීමටත්, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත් කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා.

COMMENTS