විදුලිබල මණ්ඩලයේ සභාපතිගේ ප්‍රකාශය ජනපති ප්‍රතික්ෂේප කරයි

විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ සිදුකළ ප්‍රකාශය තමා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර තිබේ.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නිශ්චිත පුද්ගලයෙකුට හෝ ආයතනයකට පිරිනැමීමේදී අධිකාරීමය බලය භාවිත කළ බවට කළ ප්‍රකාශය එලෙස තමා ප්‍රතික්ෂේප කරන බවය.

