නානවානම් නාන්න අනතුරුදායක නොවන තැන් වලින්

පොසොන් වන්දනා සමය වෙනුවෙන් අනුරාධපුරයට සහ පොළොන්නරුවට පැමිණෙන බැතිමතුන් ස්නානය සඳහා ජලාශ භාවිත කිරීමේදී දියනෑමට සුදුසු අනතුරුදායක නොවන ස්ථාන යොදා ගත යුතු බව පොලිස් නාවික හා ජීවිතාරක්ෂක කොට්ඨාසය පවසයි.
ඒ අනුව මෙවර පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 200 ක් පමණ මහජනතාවගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බව එහි අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියංකර ද සිල්වා පැවසීය

