රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නව ප්‍රධානීන් පත්කෙරේ

ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසිනුයි මෙම පත් කිරීම් සිදුකර තිබෙන්නේ.
රාජ්‍ය මාධ්‍ය ආයතන සදහා සභාපතිවරුන් ප්රමුඛ අධ්යක්ෂ මණ්ඩලයට පත්වීම් ලබාදීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරුණා. ස්වාධීන රූපවාහිනී නව සභාපති ලෙස වරලත් ගණකාධිකාරී ගණක අමරසිංහ මහතා පත් කර තිබෙනවා. රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ අසංක ප්‍රියනාත් ජයසූරිය මහතායි.
හඩ්සන් සමරසිංහ මහතා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස අමාත්‍යවරයා අතින් පත්වීම් ලබා ගත්තා.
මේ අතර රාජ්‍ය මාධ්‍ය ආයතන සදහා අධ්යක්ෂ මණ්ඩලය ද පත් කෙරුණා.
ස්වාධීන රූපවාහිනී අධ්යක්ෂ මණ්ඩලය සදහා නීතිඥ ලලිත් පියුම් පෙරේරා, කතිකාචාර්ය මහේෂ්වරී මහිමදාස්, රවීන්ද්‍ර ගුරුගේ, ඉන්දික ලියනහේවගේ සහ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් පත් කර තිබෙනවා.
රූපවාහිනී සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලය සදහා පත් කර සිටින්නේ මහාචාර්ය චමින්ද රත්නායක, මහාචාර්ය ඩී.එම්.අජිත් දිසානායක සහ නීතිඥ රඛිත අබේගුණවර්ධන යන මහත්වරුනුයි.
ගුවන්විදුලි සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලය සදහා මහාචාර්ය පූජ්‍ය මාගම්මන පඤ්ඤානන්ද ස්වාමීන්වහන්සේ සහ ප්‍රියන්ත කේ. රත්නායක, ජේ යෝගරාජ්, එම්.සිසිර කුමාර යන මහත්වරුන් පත් කර සිටිනවා.

