ලොවක් ආදරය කරන පොප් ගායකයා සුව අතට

මුහුණ ආශ්රිත ව හටගත් අංශභාග ලක්ෂණ සහිත රෝගයකින් පෙළුණු ජනප්‍රිය ගායක ජස්ටින් බීබර් සුව අතට පත් වි ඇති බව වාර්තා වනවා.
මේ හේතුවෙන් ජනප්‍රිය ගායකයකු වන කැනේඩියානු ජාතික ජස්ටින් බීබර්, සිය ඉදිරි ප්‍රසංග දින නියමයක් නො මැති ව තාවකාලික ව කල්දමන්නට ද තීරණය කළා.
28 හැවිරිදි ජස්ටින් බීබර්ට වැළඳී ඇත්තේ, ස්නායු ආශ්රිත ව හටගත් දුර්ලභ ආබාධිත තත්ත්වයක්.
එම නිසා ඔහුගේ ඇස්, කන්, මුඛය ආශ්රිත ව සංකූලතා මතු ව තිබෙනවා.
මෙම රෝගය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ රැම්සේ හන්ට් සින්ඩ්‍රොම් (Ramsay Hunt syndrome) නමැති විද්‍යාත්මක නාමයෙන්.
රෝගය වැළඳුණු අයෙකුට මුහුණේ කොටස්වල අප්‍රාණිකත්වය, කණ ආශ්රිත ප්‍රදේශ තමන්ට නො දැනී තුවාල බවට පත්වීම, උගුර ආශ්රිත, මුඛ්‍ය ආශ්රිත ව ද තුවාල ඇති වීම ආදිය දැකගත හැකියි.
බීබර් සිය ඉන්ස්ටර්ග්‍රෑම්හි වීඩියෝවක් පළ කරමින් පවසා ඇත්තේ, තමන්ට අංශභාග රෝගයෙහි ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ප්‍රසංග කල් දැමීමට සිදු වන බවත්, තමන්ට විවිධ ප්‍රසංග සඳහා වේදිකාවට නැඟීම අතිශය අපහසු බවත් වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

