IMF ණය ගැනීම ලේසි නෑ – හර්ෂ ද සිල්වා

IMF ණය ගැනීම ලේසි නෑ  – හර්ෂ ද සිල්වා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගන්න මේ වසර අවසානය වන තුරු බලාසිටීමට සිදුවනු ඇතැයි සමගි ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ණය ලබාගැනීමට පෙර රජයේ ආදායම් වැඩිකර ගැනීම සහ වියදම් අඩුකර ගැනීම සඳහා වැඩපිලිවෙලක් සකස්කළ යුතුව ඇතැයිද සඳහන් කළේය.

එහිදී සහනාධාර සීමා කිරීමට සිදුවිය හැකි බවත් දැනට ලබාගෙන ඇති ණය ගෙවීම සම්බන්ධව ප්‍රතිව්‍යුහගත කරන වැඩපිලිවෙල් සැකසිය යුතු බවද ඒ මහතා පැවසීය. මෙම කටයුතු ලෙහෙසි නැති බවද සඳහන් කළේය.