නව බද්දක් හඳුන්වා දෙයි

වසරකට මුළු පිරිවැටුම රුපියල් මිලියන 120ක් ඉක්ම වන ආනයනකරුවන්, නිෂ්පාදකයින් සේවා සපයන්නන්, තොග වෙළෙඳුන් සහ සිල්ලර වෙළෙඳුන් සඳහා සියයට 2.5ක අනුපාතයක් යටතේ නව බද්දක් වශයෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වාදීමට තීරණය කර තිබේ.
ඒ සඳහා නීති කෙටුමපත් සම්පාදක විසින් සකස් කර ඇති පනත් කෙටුම්පතට නීතිපතිගේ නිශ්කාශනය ලැබී ඇති අතර එම පනත ගැසට් පත්‍රයේ පළකිරීමටත් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව ඇත.
2022 වසරේ අයවැය යෝජනා මගින් සමාජ ආරක්ෂණ අරමුදලක් හඳුන්වා දීමට යෝජනා කෙරුණු අතර එම යෝජනාව පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබීය.

