නොරොච්චෝලේ කොටසක් අනිද්දා සිට වැසෙයි

නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ කොටසක් අනිද්දා (18) රාත්රී 12 සිට වසා දමන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසයි.
ඒ අනුව එම බලාගාරය දින 75ක කාලයක් සඳහා මෙලෙස වසා තැබීමට සිදුවන බව එම සංගමයේ සාමාජික විදුලි ඉංජිනේරු සංගමයේ, සමලේකම්, එරංග කුඩාහේවා මහතා වැඩිදුරටත් කියා සිටියේය.
එලෙස වසා දමනු ලබන්නේ, නොරොච්චෝලේ “යුනිට් 2” කොටස බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
“වසර දෙකක් පමණ කාලයක සිට මෙම නඩත්තු කටයුත්ත සිදුකිරීමට තිබුණත් චීන සමාගමට කොවිඩ් තත්ත්වය හේතුවෙන් ලංකාවට පැමිණීමට නොහැකි වුණා. ඒ නිසා අවුරුදු දෙකක් පුරා ඇදගෙන ගියා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. එහෙම නැති වුණත් ගල් අඟුරු අපිට තියෙන්නෙත් ලබන සැප්තැම්බර් වෙනකල් විතරයි. ඒ තියෙන්නෙත් යුනිට් නො 2 සහ යුනිට් නො 3 දින 75 ගානේ නවත්වනවා කියන සැලසුමත් එක්ක තමා ගල් අඟුරු පවතින්නේ. එහෙම වුණාට පස්සේ පද්ධතිය 45%ක් පමණ ගල් අඟුරු බලාගාරයෙන් විදුලිය ජනනය කරනවා. එය 30%ක පමණ ප්රමාණයකට අඩුවෙනවා. ඒ අඩුවෙන 15% අපි ජනනය කරන්න හැකියාව ලැබෙන්නේ ජල විදුලියෙන් යම් ප්රමාණයක් හා ඉන්ධන මත.” යනුවෙන් පැවසීය.

