සිංහ – කැන්ගරු තුන්වන එක්දින තරඟය අද කොළඹදී

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තුන්වන එක්දින තරඟය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
මේ අතර, පළමු එක්දින තරගයේ පන්දු රකිමින් සිටියදී මස් පිඩු ආබාධයකට ලක්වූ වනිඳු හසරංග මේ වනවිට වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවනවා.
කෙසේ වෙතත් වනිඳු එක්දින තරගාවලිය පුරාවටම සංචිතයේ රඳවා තබා ගැනීමට තීරණය කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වනිඳු අද තරඟයට ක්‍රීඩා කරන්නේද නැද්ද යන්න පිළිබඳව කිසිදු සඳහනක් කර නැහැ.

