අදත් ගුරුවරු විරෝධතාවයේ

අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම් ලකුණු සටහන් කිරීමේ නිරත ගුරුවරුන් ඉන්ධන ඉල්ලා කළුතර නගරයේදී විරෝධතාවක නිරත වෙති.
විභාග මධ්‍යස්ථාන අංක 104 කළුතර ඥානෝදය මහා විද්‍යාලයේ සිට පාගමනින් කළුතර ගාලු පාරට පැමිණ විරෝධතා පුවරු අතැතිව විවිධ විරෝධතා පාඨ කියමින් විරෝධතාවයේ නියැලී සිටිති.
ඉන්ධන ගැටළුවට අද දිනයේ දී විසඳුමක් නොලදහොත් ප්‍රශ්න පත්‍ර බැලීමෙන් ඉවත් වන බව ඔවුහු පවසති.

