ඉන්ධන පිරවුම්හලක් අසල උණුසුම් තත්ත්වයක් – දෙදෙනෙක් රෝහලට

ඉන්ධන පිරවුම්හලක් අසල උණුසුම් තත්ත්වයක් – දෙදෙනෙක් රෝහලට

තිස්සමහාරාම – කතරගම මාර්ගයේ ජූල් පල්ලම ඉන්ධන පිරවුම්හල අසළ අද පෙරවරුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ දින 3 ක් තිස්සේ එම පිරවුම්හල අසළ පෝලිමේ සිටි පිරිසක් සහ අද උදෑසන පිරවුම්හල අසළ පෝලිමට පැමිණි පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අසළ සිටි පිරිසකගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගැනීමද ආරම්භ කර තිබෙනවා.