ධම්මික හෙට පාර්ලිමේන්තුවට

ධම්මික හෙට පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කෙරුණු කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී හෙට (21) පෙරවරුවේ දිවුරුම්දීමට නියමිතය.

මේ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇතැයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය 10 වෙනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරයේද ඉදිරියේදී දිවුරුම් දීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.