පෙට්රල් ගන්න අලුත් ක්රමයක් ත්රිරෝද රථ රියදුරාගෙන්

බූලි වලට පෙට්රල් ඉන්ධන නිකුත් නොකරන නිසා ඉන්ධන නොමැතිව ප්රධාන මාර්ගයේ නතර වු ත්රිරෝද රථයට ඉන්ධන ලබා ගැනීමට නානුඔය ප්රදේශයේ ත්රිරෝද රථ රියදුරෙකු අපූරු උපක්රමයක් භාවිතා කරමින් ඉන්ධන ලබා ගෙන ඇත.
තම ත්රිරෝද රථයේ ඉන්ධන ටැංකිය ගලවාගෙන එම ත්රිරෝද රථයේ අංක තහඩුව ගලවාගෙන ගෙලෙහි එල්ලාගෙන එම ඉන්ධන පිරවුම්හලෙන් පෙට්රල් ඉන්ධන ටැංකියට ලබාගෙන ඇත.
බුලි වලට ඉන්ධන ලබා නොදෙන නිසා ප්රධාන මාර්ගයේ නතර වි ඇති තම ත්රිරෝද රථයට ඉන්ධන ලබා ගැනිම සඳහා ඔහු මෙම ක්රමය භාවිතා කල බවයි වාර්තා වෙන්නේ.


