පොල් තෙල් වලින් බයෝ ඩීසල් නිෂ්පාදනය කරපු තරුණයාට අගමැති කතා කරයි

ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස පොල් තෙල් වලින් බයෝ ඩීසල් නිෂ්පාදනය කරනු ලැබූ තරුණයා සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බලධාරීන්ට උපදෙස් ලබා දි තිබෙනවා.
පානදුර ප්‍රදේශයේ පදිංචි දිලින දක්ෂිල නැමති 23 හැවිරිදි මෙම තරුණයාට අග්‍රාමාත්‍යවරයා විසින් දුරකතන ඇමතුමක් ලබා ඒ පිළිබඳ කරුණු විමසා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව, තරුණයා විසින් නිෂ්පාදනය කරන බයෝ ඩීසල් වල සාම්පල් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාාවට යොමු කර විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ පිළිබඳව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර ගේ සහය ලබා ගන්නා ලෙස ද දැනුම් දී තිබෙනවා.

