සමගිය සහ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුව වර්ජනය කරයි

සමගිය සහ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුව වර්ජනය කරයි

ජනතා ප්‍රශ්නවලට විසඳුම් නැති නිසා සමගි ජන බලවේගය අද සිට පාර්ලිමේන්තුව වර්ජනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශයක් කළේය.

“මේ හොර කුපාඩි ආණ්ඩුවක්.ඔළුගෙඩි මාරු කරගෙන දැන් සැප විඳිනවා. නමුත් රටේ ජනතාව අනාතයි. රටේ ජනතාවගේ හඬ නියෝජනය කරන්න හදන විට ගිරා පෝතකයෝ කෑගහනවා.

මේ පාර්ලිමේන්තුව මෙලෙස රැස්වීමෙන් රටේ ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ වෙනවද?ඒ නිසා සමගි ජන බලවේගය සහ විපක්ෂයේ ඵකට ශීලී කණ්ඩායම් තීන්දුවක් ගෙන තිබෙනවා.

මේ රටේ ජනතාවගේ ප්‍රශ්න තේරෙන්නේ නැති ආණ්ඩුව කරන බොරුවට අප සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අප මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරනවා.එසේ කොට අප පොදු ජනතාව සමඟ හිට ගන්නවා යනුවෙන් පැවසීය.

මේ අතර ජනතා ප්‍රශ්න වලට පාර්ලිමේන්තුවෙන් කිසිම විසඳුමක් නොලැබෙන බැවින් මේ සතියේ විපක්ෂයේ සියලු පක්ෂ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර ඇතැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රට ගොඩනගන හැටි ගැන වහාම පාර්ලිමේන්තුවට සැලැස්මක් ඉදිරිපත් කළ යුතුව තිබෙන බවද අනුර දිසානායක මහතා කීය.

COMMENTS