රජයේ සේවකයන්ට විදේශගතවීමට අදාළ චක්‍රලේඛය එළියට

රජයේ සේවකයන්ට විදේශගතවීමට අදාළ චක්‍රලේඛය එළියට

ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාමවැටුපට බල නොපාන පරිදි රජයේ සේවකයන්ට විදෙස් රැකියාවට යාමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.

මෙහිදී ඒ ඒ කාණ්ඩය යටතේ විදෙස් ගතවන රාජ්‍ය සේවකයන් මාස්පතා ශ්‍රී ලංකාව වෙත ප්‍රේෂණය කළ යුතු ඩොලර් ප්‍රමාණයන්ද ඇතුළත් කර තිබේ.

මාණ්ඩලික නිලධාරීන් විදේශ ගතවනවානම් ඔවුන්සේවයේ ස්ථිර වී තිබිය යුතු බවත් මාණ්ඩලික නොවන නිලධාරීන්ට පරිවාස කාලය තුළදීද විදේශ ගත විය හැකි බවත් අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා පැවැසීය.